ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Smart watch ගැන නොදන්න අයට



ස්මාට්ෆෝන් රැල්ලට ක්‍රම ක්‍රමයෙන් හුරුවෙමින යන නුතන සමාජය දැන් විවිධාකාර Smart මෙවලම් වලටද හුරු වී ඇත.Smart watch හෙවත් ස්මාට් ඔරලෝසු යනුද එවැනිම මෙවලමකි.කෙසේ වුවත් Smart watch එකක් යනු කුමක්ද? එයින් කළ හැක්කේ මොනවාද? යනාදි ප්‍රශ්න රැසක් තවමත් බොහෝ Smartphone හා smart Devices පිළිබද අවබෝධයෙන් සිටින්නන් අතරද දැකිය හැකිය.

Smart watch එකක් යනු කුමක්ද?

සරළව පැවසිමේදි නම්, වේලාව බැලිමට පමණක් නොව, තවත් වැඩ කටයුතු රාහියක් ඉටු කර ගැනිමට හැකි, එසේම අතේ බැදගෙන යාමට හැකි, සරළ ප්‍රමාණයේ පරිගණකයක් ලෙස ස්මාට් ඔරලෝසුවක් හැදින්විය හැකිය.

Smart watch එකක් යනු කුඩා Smart phone එකක් ද?

නැත Smart watch එක ඔබේ දුරකථනය සමග ක්‍රියා කල ද, දුරකථනය වෙනුවට භාවිතා කල නොහැකියි. උදාහරණ ලෙස Sony Smart watch 1 හි දුරකථනය හා සම්බන්ධ කරන තාක් Smart watch එකෙහි වේලාව වත් ක්‍රියා කරනේනේ නැත.

Smart watch වල භාවිතා වන්නේ සාමාන්‍ය ඔරලෝසු බැටරිම ද?

Sony Smart watch 1, 2 හා වෙනත් බොහෝ Smart watch වල භාවිතා කරනු ලබන්නේ නැවත ආරෝපණය කළ හැකි Li-lon බැටරි පද්ධතියකි.මේවා දින කිහිපයකට වරක් Charge කළ යුත්තේ Bluetooth, NFC, Touch screen වැනි විශේෂාංග සදහා බෙහෙවින් බලය අවශ්‍ය බැවිනි.

Smart watches යනු අතිශය නවීන අදහසක් ද?

Smart watches යනු සැබැවින්ම ඉතාමත් පැරණි සංකල්පයකි. මිට දශක කීපයකට පෙර Knight Rider ටෙලිනාට්‍යයේ මයිකල් නයිට් (Michael Knight) සිය මොටර් රථය සමග කථාබහ කළේ අත් ඔරලෝසුවක් ආධාරයෙනි. එය ටෙලිනාට්‍යයක් පමණක් වුවද, 1980 ආසන්න කාලයෙ casio වැනි සමාගම් අතේ බැදගෙන යා හැකි Computer watch වැනි උපාංග වෙළෙදපලට නිකුත් කළහ. වත්මන් smart watch වල වෙනස ලෙස හැදින්විමට හැක්කේ ඒව Bluetooth, Wi-Fi, NFC වැනි පහසුකම් වලින් සහ Touch Screen වැනි බොත්තම් රහිත විධාන ක්‍රම වලින් සන්නද්ධව පැමිණිමයි.

Smart Watch එකක් යනු දුරකථනයට ලැබෙන Remote Control එකක්ද?

සැබැවින්ම ඔබේ දුරකථනය Smart watch එක සදහා දුරස්ථ පාලකයකැයි පැවසිම නිවැරදිය. Phone එක මගින් ඇමතුමක්, E-mail එකක්, SMS එකක් ලැබෙන විට  Smart watch එකට  Notification එකක් යවනු ලබයි. එය Ring එකක් හෝ Vibrate විම මගින් පැළද සිටින්නාට දැනුම් දෙනු ලබයි.

Smart Watch එවාටම ආවේණික Apps තිබේද?

බොහෝ විට තිබේ.Pebble smart watch උපකරණයේ GPS Bike Controller, Music Controller හා Text Sending App එකක්ද දක්නට ලැබේ. Sony Smart watch 2 සදහා මේ වන විට Google play හරහා Install කළ හැකි Apps 200 ක් පමණ ඇතැයි වාර්තා වි ඇත. නමුත් Smart phone එකක් හා සම්බන්ධ කර නොමැති විට එම Apps බොහෝමයක් ක්‍රියා විරහිත වි තිබිම ගැටලුවකි.

Smart watch එකකට Smart phone එකක් අවශ්‍යමද? 

Motorola, Moto active හා ඉතාලි නිෂ්පාදනයක් වන i'm watch වැනි අතිශය මිල අධික Smart watch උපාංග සදහා නම් Smart phone අවශ්‍ය නොවේ. නමුත් වෙළදපොලෙහි ඇති අනෙක් බොහෝ Smart watch උපාංග සදහා smart phone එකක සබදතාව අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

Smart watch වල අනාගතය කෙබදු ද?

smart watch එන මගින් ස්වාධිනව දුරකථන සබදතාවක් හරහා smart watch එකක ආධාරයෙන් තොරව Call ගැනිමට SMS කිරිමට හැකිවිම, Smart watch නිෂ්පාදකයන්ගේ මිළග ඉලක්කයයි. සරළව පැවසිමේදි අතේ බැදගෙන යාමට හැකි ස්වාධින දුරකථනයක් තරමට  Smart watch දියුණු කිරිම සියලු සමාගම් වල සිහිනයයි.


Smart watch කිහිපයක් මිල ගණන් සමග පහතින් දැක බලා ගත හැක.

01.Cookoo (www.cookoowatch.com)
COOKOOwatch_Black_Pers_Rendering__99770.1359192387.1280.1280
මිළ යුරෝ 109
iOS සදහා සහාය දක්වයි
මෙම smart watch උපාංගය රවුම් හැඩයක් ගන්නා අතර මෙහි බැටරිය වසරක් පමණ කාලයක් රදා පවති.
02.Motorola Moto Actv (www.motoactv.com)
Motorola-motoactv-xl
මිළ යුරෝ 249.99
Android සදහා සහාය දක්වයි
මිළෙන් අධික මෙම Smart watch උපාංගය ලොව සංකිර්ණතම smart watch එක වන අතර 8GB Storage එකක් හා Android මෙහෙයුම් පද්ධතියක් ඇත.
03.I'm watch (www.imsmart.com)
Imwatch1
මිළ යුරෝ 299.99
Android හා iOS සහාය දක්වයි.
සම්පුර්ණ ක්‍රියාකාරි, ස්වාධින Android උපාංගයක් වන මෙය මිළෙන් වැඩි උපාංගයකි. මෙහි බැටරිය පැය කිපයකදි බැස යයි. ක්‍රියාත්මක විමට Phone එකක් අවශ්‍ය නැත.
04.Pebble (www.getpebble.com)
Pebble_Watch_35567496_01_620x433
මිළ ඇ.ඩො 150.00
Android හා iOS සහාය දක්වයි.
සතියක පමණ කාලයක් රදා පවතින බැටරියකින් සමන්විත Pebble Smart watch එක Android හා iOS පද්ධති දෙකම සමග ක්‍රියා කරයි.
05.Sony Smart watch 2 (goo.gl/z5tdg)
Sony-SmartWatch-2
මිළ යුරෝ 99.99
Android සමග ක්‍රියා කරයි.
1.5 inch Touch Screen තිරයක් සහිත මෙහි NFC හා Bluetooth අඩංගු වන අතර Smart watch 1 හි දුබලතා මග හරවා ඇත. දින  4ක පමණ බැටරි ආයු කාලයක් ඇති උපාංගයකි.

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...