ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Ransomeware වලින් බේරෙමු..



සයිබර් ඇටෑක් වලින් ආරක්‍ෂා වෙන්න හොඳම ක්‍රමයක් තමා &linux*
මේ දවස් වල කට්ටියගෙ අවධානය ඉතිං Ransomware එක ගැනනෙ.මේකෙන් ලංකාවට උන හානිය ගොඩක් අඩුයිනෙ. නැති තරම්. තාම එකක්වත් වාර්තා වෙලා නෑ මං හිතන්නෙ. හුගක් අය භාවිතා කරන්නෙ windows හොර copy (Cracked Version) නිසා ඉතිං Update එක ගැන ඉතිං මොන කතාද නේද? මගෙ බ්ලොග් එකේනං තියනව windows 10 version එක Update කරන්න පුලුවන් එක,
හරි හරි දැං උන දේ උනානෙ කොහොම හරි කමක් නෑ ඊලගට වෙන්න තියෙන දේ වලක්ව ගන්න පුලුවන්නං ලොකු දෙයක්නෙ. මම කියන්නෙ නෑ ආයෙ මේ වගෙ Attack එකක් ලෝකෙට එයි කියල ඒත් බැරි වෙලා හරි ආවොත්ඉතිං මොනා කරන්නද නේද. තමන්ගෙ ආරක්ෂාව තමන් සතුයි කියනවනෙ ඉතිං.
මේකට ක්‍රම ගොඩක් තියෙනව.

  1. 1.Original Windows පාවිච්චි කිරීම
  2.  හොඳ Virus Guard එකක් පාවිච්චි කිරීම
  3. Linux OS එකක් පාවිච්චි කිරීම.
  4.  තමන්ගෙ Data Backup කර තබා ගැනීම.


මේ වගේ තව ගොඩක් ක්‍රම තියෙනව අපිට මේ වගෙ දෙයක් උනොත් බේරෙන්න පුලුවන් ක්‍රම. හරි අපි බලමු මේව කොහොමද කරන්නෙ සහ මේවගෙන් මොකද වෙන්නෙ කියල,

1.  Original Windows පාවිච්චි කිරීම

මේකෙදි වෙන්නෙ අපි දැනගන්න කලින් මුලින්ම Microsoft ආයතනය ( තමන්ගෙ OS එකට අදාල ආයතනය) මේ ගැන දැනගන්නව. එයාල තමන්ගෙ customer ලව මේ කරදරයෙන් බේර ගන්න ඉක්මනටම Solution එකක් දෙනව. නැත්තං එයාල හදල තියෙන OS එක මේ වගෙ දේකට ඔරොත්තු දෙන්න වගේම මේ වගෙ ඒවගෙන් බේරෙන්න හදල තියෙන්න පුලුවන්. ඉතිං මේ වගෙ Attack එකක් ආවොත් Original Windows පාවිච්චි කරන අයට ඉක්මනින්ම Update එක ඇවිල්ල ඔයාව ඒ කරදරෙන් මුදව ගන්නව.  ඒ වගේම තමයි අපි windows crack කලාම වෙන්නෙ ගොඩක් දුරට Windows server එකට direct connect වෙන එක නවත්තන එක. ඉතිං ඒ පරිගණක වලින් internet ගිහිල්ල ඔයා ඒ ගැන දැනුවත් උනාට පරිගණකය ඒ ගැන දන්නෙ නෑ. ඒම උනාම ඉතිං බඩුම තමා. මේකට ඉතිං සල්ලි දීල Windows ගන්න ඕනම නෑ. වෙන ක්‍රම තියනව පස්සෙ ඒ ගැන කියා දෙන්නම්.

2. හොද Virus Guard එකක් පාවිච්චි කිරීම

මේකෙන් වෙන්නෙ ඔයාගෙ පරිගණකයෙ තියෙන Windows හොර copy එකක් උනත් ඔයාගෙ virus guard එක ඔර්ජිනල් නම්. නැත්තං නිතරම Updates එනවනම් කිසි දෙයක් ගැන බය වෙන්න දෙයක් නෑ මොන ඇටෑක් එක ආවත් ඔයාගෙ වයිරස් ගාඩ් එක සූදානම්. ඔය පුංචි පුංචි වයිරස් ගාඩ් ගැන නෙමෙයි මම කියන්නෙ හොදද ටිකක් හොද මට්ටමේ ඒව ගැන.

3.  Linux OS එකක් පාවිච්චි කිරීම.

මේ වගේ සයිබර් ඇටැක් වෙන්න පළවෙනි හේතුව තමා කම්පුයුටරේ අප්ඩේට් (Update) නොමැතිකම මන්ද මිනිස්සු සාමාන්‍ය‘යෙන් %OS^ එක අප්ඩේට් කරන්නෙ නැහැ. අපේ රට ගත්තම ගොඩක් තියෙන්නෙ හොර software බව ලෝක වාණිජ මෘදුකාංග සංගමය කළ සමීක්‍ෂණ වලින් සොයා ගෙන තිබෙනවා. ඊට අනුව අපි ඉන්නෙ ආසියානු පැසිෆික් කලාපයේ හතරවෙනි තැනයි.
උදාහරණයක් ලෙස 2015 වසරේ අපේ රටේ හොර software  පාවිච්චි කරන ගණන 79෴ ක් පමණ වෙනවා එවිට අපේ windows operating system එක  crack  කරපු එකක් නම් බොහෝ විට එය අපි update කරන්නෙ නැහැනෙ. මොකද update කරන්න ගියොත් crack  ටික හසු වෙන නිසා. ඒ නිසා අපි update  කරන එක off  කරනවා. එතකොට wanacryptor 2.0 වගේ ඇටෑක් එකට හරියන update එකක් Microsoft වල එවලා තියෙනවා නමුත් මිනිස්සු update කර ගෙන නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමා හොර software භාවිතා කරීම.
මේ වගේ ඇටක් වලින් බේරෙන්න විවිධාකාර ක්‍රම තිබෙනවා. එහෙම දෙයක් තමා Linux  කියන operating system එක Linux  පාවිචි කිරීමේ වාසිය තමා මෙය අපි ලැබෙන්නෙ නොමිලේ. උදාහරණයක් විදිහට අපි windows  8 ගන්න යනවා කියලා හිතමු. එතනදී අපි ඩොලර් 120 ක්, ඩොලර් 150 ක් ගෙවන්න ඕනෙ ලයිසන් කොපි එකක් ගන්න නම්, නමුත් Linux  අපිට හම්බ වෙන්නෙ නොමිලේ. එතකොට එකත් සමඟ අපිට හැමදාම updates  ලැබෙනවා. අපි හැමවෙලේම  update  කරලා තියෙනවා නම් මේ වගේ ඇටෑක් වලින් ප්‍රශ්නයක් වෙන්න නැහැ.
Linux  වලදී ඔරිජිනල් software  එක පාවිච් කරා නම් මේ ප්‍රශ්නෙ ඇති වෙන්නෙ නැහැ. ඒ ඕන කරන updates  ඒ හරහා එවන නිසා.
මේ OS  එකේ දෙවෙනි වාසිය තමා මෙය  internet  එකෙන් download  කර ගන්න ඔරිජිනල්  OS  එක Crack කිරීම් කිසි දෙයක් අවශ්‍ය නැහැ. මේ වගේ ඇටෑක් වලින් ආරක්‍ෂා වෙන්න හොඳ ක්‍රමයක් ලෙස  Linux හඳුන්වන්න පුළුවන්.
4.  තමන්ගෙ Data Backup කර තබා ගැනීම.
මේකනම් ඉතිං බේරෙන්න ක්‍රමයක් නෙමෙයි උනත් කලින් කියපු එකක්වත් තමන් ලග නැතිනම් කරන්න තියන අන්තිම ක්‍රමය තමා මේක. ඔයාගෙ අත්‍යවශ්‍ය Data backup කරල තියාගන්න එක තමා ඉතිං. මේකට අපේ අය කරන්නෙ DVD , Pen Drive වගේ දේවල් පාවිච්චි කරන එකනෙ. එහෙම කලා කියල Pen Drive එක නැති වුනොත් මොකද කරන්නෙ, DVD එක සීරුනොත් මොකද කරන්නෙ. ආයෙ තිබ්බ පොටෝස් එහෙම ගන්නයෑ නැද්ද හා, මේකට හොද ක්‍රමයක් වගේම සුරක්ෂිත ක්‍රමයක් තියෙනව. ඒ තමයි Cloud Storage සමහර අයනං දන්නවත් ඇති. මේක අපිට ගොඩක්ම නොමිලයේ ලබාදෙන සර්විස් එකක් නිසා අපිට නොමිලයේම වගේම සුරක්ෂිතව තියාගන්න පුලුවන්. මේ සේවාව ලබාදෙන ආයතන ගොඩක් තියෙනව. ඒ තමා
Google
OneDrive
Media Fire
MEGA
pCLOUD
Droup box
Box
Flip Drive
තව සෑහෙන්න තියෙනව. මේවගෙ අපිට නොමිලයේ දෙන්නෙ Service එක.  නිකං හම්බෙන Cloud Storage එක අපේ අය පාවිච්චි කරන්නෙ නෑ. ගූගල් එකට හම්බෙනව 15GB Free Cloud Storage එකක්. මේවගෙ Register Link මේ එක්ක දාල තියෙන්නෙ. ඒවත් පාවිච්චි කරන්න.

එහෙනං මං කැපුන. තව මේ වගේම වැදගත් පෝස්ට් එකකින් හම්බෙමු.

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...